ආයතන අංශය
තහනම් වර්ගයේ දැව හෙලීම සඳහා අවසර ලබා දෙන අවස්ථා (කොස්, දෙල්, ගැහැණු තල්)
- අනතුරුදායක බව
- ස්වාභාවිකව මියයෑම
- සංවර්ධන කටයුතු සඳහා බාධාවක් වීම
- නිවාසමය දැව අවශ්‍යතාවය
- පිළිකා වැනි දැඩි අසාධ්‍ය රෝග සඳහා වියදම් පියවා ගැනීම.
****** ගස් ප්‍රමාණය 03 ට වැඩි අවස්ථා වලදී ක්ෂේත්‍ර පරීක්ෂාවකින් පසු දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය සඳහා යොමු කෙරේ.
දැව හෙලීම් අයදුම්පතක් ඉදිරිපත් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන
- ග්‍රාම නිලධාරී විසින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය.
- ඉල්ලුම්කරුගේ ඉල්ලීමේ ලිපිය.
- ඉඩමට අයත් ඔප්පුවේ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ පිටපත.
- නොබෙදූ ඉඩමක් නම්, සියළුම හවුල්කරුවන්ගේ එකඟතාවය (තමාට හිමි නොබෙදූ කොටස සඳහන් කරමින් ග්‍රාම නිලධාරී ඉදිරිපිට අත්සන් කළ) හා මාස 03ක් තුළ ලබා ගත් පත්ඉරු.
- නොබෙදූ ඉඩමට අදාලව විරෝධතා විමසන ලද දැන්වීම් හා වාර්තාව.
- ඉඩමේ හිමිකරු මියගොස් ඇති විට, ඉල්ලුම්කරු වෙත අයිතිය සාරෝපණය වන ලේඛන/ අනෙක් හිමිකරුවන්ගේ එකඟතාවය හෝ ග්‍රාම නිලධාරී වාර්තාව.
- ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම( ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කළ යුතු අතර, ගස/ ගස්වල පිහිටීම සලකුණු කළ යුතුය.)
- මිනින්දෝරු සැලැස්මක් නොමැති විට දී ග්‍රාම නිලධාරී විසින් හතර මායිම් වලට අදාලව අදින ලද දළ අනුරේඛනය (යාබද රජයේ ඉඩමක් හෝ රක්ෂිතයක් පිහිටා ඇතිනම්, එම මායිම්වලට අයත් නොවන බව සඳහන් කළ යුතු අතර. ගස්/ /ගස් පිහිටි ස්ථාන සටහන් කිරීම.
- ප්‍ර වේනි ඉඩමක් නම්, එසේ ප්‍රවේනියෙන් නිරවුල්ව භුක්ති වඳින බවට දිවුරුම් ප්‍රකාශයක්, ග්‍රාම නිලධාරී විසින් විරෝධතා විමසීමට අදාල දැන්වීම් හා වාර්තාව.
- කැපුම් අවශ්‍යතා සනාථ කෙරෙන ලේඛන,
- නිවාස දැව අවශ්‍යතාවයට නම් අනුමත නිවාස සැලැස්මේ සහතික පිටපත(නම, ලිපිනය, ඇතුලත් කොටස සමඟ)
- සංවර්ධන කාර්යයන්ට බාධාවක් වීම මත නම් ඉදිකිරීම් සැලැස්මෙහි/ ව්‍යාපෘති සැලැස්මෙහි / ඇති බවට ග්‍රාම නිලධාරී විසින්, සලකුණු කර ඉදිරිපත් කළ යුතුය.
- කැපුම් බලපත්‍ර නිකුත් කෙරෙන අනෙකුත් අවශ්‍යතා ඉල්ලුම්කරුගේ ඉල්ලීමේ ලිපියේ සඳහන් කළ යුතුය.
බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය
- ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය කාර්යාලය වෙත භාර ගැනීම.
- සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට ඉදිරිපත් කිරීම අවශ්‍ය අවස්ථා වලදී ක්ෂේත්‍ර පරීක්ෂාවට යොමු වේ)
- ප්‍රා දේශීය ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම. (අවශ්‍ය අවස්ථා වලදී ක්ෂේත්‍ර පරීක්ෂාවට යොමු වේ.)
- අනුමත කරන ලද අයදුම්පත් සඳහා කැපුම් බලපත්‍ර නිකුත් කිරීම.
දැව /දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍රයක් ඉල්ලීම
දැව ප්‍රවාහන අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි.
- ඉල්ලුම්කරු විසින් හා ග්‍රාම නිලධාරී විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය.
- ඉල්ලීම් ලිපිය.
- තහනම් දැව නම් කැපුම් බලපත්‍රයේ මුල් පිටපත
- ඉඩම් ඔප්පු වේ පිටපතක්.
- හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ එකඟතාවය (හවුල් කරුවන් ග්‍රාම නිලධාරී ඉදිරිපිට එකඟතාවය ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.) විරෝධතා විමසීමට අදාල දැන්වීම (අදාල ඉඩමේ සහ ග්‍රාම නිලධාරී කාර්යාලයේ දැන්වීම ප්‍රදර්ශනය කළ යුතුය.) හා වාර්තාව
- ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම, ගස/ ගස් සලකුණු කිරීම.
- යාබද රජයේ ඉඩමක් නොමැති නම්, ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉවත් කරන ලද ගස් සලකුණු කළ හතර මායිමේ සැලැස්ම හා යාබද රජයේ ඉඩමක් නොමැති බවට ග්‍රාම නිලධාරී සහතිකය.
- ප්‍රවේණි ඉඩමක් නම්, එම ඉඩම ප්‍රවේණියෙන් භුක්ති විදින බවට දිවුරුම් ප්‍රකාශයක්, ග්‍රාම නිලධාරී විසින් එම ඉඩමේ සහතික කළ හතර මායිමේ සැලැස්ම හා යාබද රජයේ ඉඩමක් නොමැති බවට, ග්‍රාම නිලධාරී සහතිකය. විරෝධතා විමසීම සඳහා අදාල දැන්වීම් වාර්තාව.
- දැව මිලදී ගැනීමක් නම්, මිලදී ගත් කුවිතාන්සිය (සාක්ෂි 2ක් - නම, හැදනුම්පත් අංකය, අත්සන් ද සහිතව.)
- වෙනත් ප්‍ර දේශයකින් ප්‍රවාහනය කරන ලද දැව නම්, එම ප්‍රවාහන බලපත්‍රෙය් මුල් පිටපත.
- ග්‍රාම නිලධාරී විසින් තම අත් අකුරින් ලියන ලද, දැව ලැයිස්තුවේ පිටපත් 3 ක්.
- දැව ලැයිස්තුව වාහන දෙකකින් ප්‍රවාහනය කරන්නේ නම්, එසේ වාහන දෙකකින් ප්‍රවාහනය කිරීමට හේතු පැහැදිලිව දැක්විය යුතුය.
- ප්‍රවාහනය කරනු ලබන වාහනයේ ආදායම් බලපත්‍රයේ සහතික කළ පිටපතක්.
- දැව ප්‍රවාහනය සඳහා භාවිතා කරන මාර්ගය ප්‍රවාහනය කරනු ලබන ස්ථානයට වන කෙටිම මාර්ගය විය යුතු අතර, අදාල ඉල්ලුම්පත්‍රය පරීක්ෂාවේදී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
- ප්‍රවාහනය කරනු ලබන්නේ පාවිච්චි කරන ලද දැව නම්,
15.1 අවුරුදු පහකට වඩා පැරණි නම්, ඒ බවට ග්‍රාම නිලධාරී නිර්දේශය
15.2 අවුරුදු පහකට වඩා අඩු දැව සඳහා මිලදී ගත් කුවිතාන්සිය සහ ග්‍රාම නිලධාරී නිර්දේශය
16. දැව ප්‍රවාහනය කරනු ලබන දිනය - අඟහරුවාදා හා සිකුරාදා දින වල ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
(ඉහත අංක 4,6,9,11,12,13 ලේඛන ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතු වේ.
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත අඩවි වන නිලධාරී නිර්දේශය සඳහා අයදුම්කරු වෙත භාරදීම.
- අඩවි වන නිලධාරී නිර්දේශය සහිත අයදුම්පත සහකාර ප්‍රා දේශීය ලේකම් නිර්දේශයට ඉදිරිපත් කිරීම.
- ප්‍රාදේශීය ලේකම් අනුමැතියට ඉදිරිපත් කිරීම.
- දැව ප්‍රවාහන ගාස්තු ගෙවීම. (එක් වාහනයක් සඳහා රු 172.50)
- දැව ප්‍රවාහනය කිරීමට දිනයක් නියම කර ගැනීම.
- දැව ප්‍රවාහන බලපත්‍රය ඉල්ලුම්කරු විසින් අත්සන් තැබීම.
- නියම කර ගත් දිනට, ග්‍රාම නිලධාරී වෙත බලපත්‍ර භාර දීම (ග්‍රාම නිලධාරී දෙවන පිටපත නැවත කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න)
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම.
අවශ්‍ය ලේඛන
- ව්‍යාපාරය පවත්වා ගෙන යන ස්ථානයේ ඔප්පු පිටපත. (අදාළ ඔප්පුවේ හිමිකරු සහ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- එම ඔප්පුවේ අයිතිය ව්‍යාපාර හිමිකරුට නැති නම්, ඉඩමේ අයිතිය ඇති තැනැත්තාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය. (ග්‍රාම නිලධාරී ඉදිරිපිට අත්සන් කළ යුතුය.)
- නොබෙදූ ඉඩමක ඔප්පුවක් නම්, දිවුරුම් ප්‍රකාශය. (ඉඩම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුනහොත් එහි වගකීම එම ඉඩම් ඔප්පුහිමියා ගන්නා බවට.
- හැඳුනුම්පතේ ඡායා පිටපත (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- ව්‍යාපාරික ස්ථානය හා පදිංචි ස්ථානය වසම් දෙකක නම්, පදිංචි සහතිකය.
- ව්‍යපාර කටයුත්තට අදාලව වෘත්තීය සුදුසුකම් සහතික පවතී නම්, එම සහතිකවල සහතික කරන ලද පිටපත්.
- වෙනත් ආයතනයකින් භාණ්ඩ ලබාගෙන විකුණන ආයතනයක් නම් ඊට අදාල ගිවිසුම හෝ බිල්පතක්.
- ව්‍යපාරයට ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට පැමිණීම සඳහා වූ මාර්ගය දැක්වෙන සිතියම.
අයදුම්කරුට උපදෙස‍්
- ඔබට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය අවශ්‍ය මාධ්‍යයෙන් අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
- ව්‍යාපාරය ආරම්භ කළ දිනයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පත්‍රය ලද දිනයත් අතර කාලය මාස 03කට වඩා වැඩිනම් ව්‍යාපාර නාම ලියාපදිංචිය සිදු කළ නොහැක.
- ව්‍යාපාර ස්වභාවය සඳහන් කිරීමේ දී ඔබ විසින් සිදු කරන ව්‍යාපාර කටයුත්ත පැහැදිලිව සඳහන් කරන්න.
- අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී කපා හැරීම්, මකා දැමීම් සිදු නොකළ යුතුවේ.
ක්‍රියාවලිය
- අයදුම්පත්‍රය සම්පූර්ණ කර අදාල ලියකියවිලි සමඟ ග්‍රාම නිලධාරී වෙත භාරදීම.
- ග්‍රාම නිලධාරී විසින් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සුදුසු නුසුදුසු බව සඳහන් කර, අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීම.
- ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකර, ව්‍යාපාරය ලියාපදිංචියට අදාල නිර්දේශ ලබා දීම සඳහා, අයදුම්පත සංවර්ධන සම්බන්ධීකාරක වෙත ලබාදීම.
- අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිර්දේශ ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත අනුමැතිය සඳහා යොමු කිරීම.
- අදාල මුදල් ගෙවීමෙන් පසු ව්‍යාපාර ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම.
ව්‍යාපාර නාමය සංශෝධනය කිරීම.
අවශ්‍ය ලේඛන
- ව්‍යාපාරය පවත්වා ගෙන යන ස්ථානයේ ඔප්පු පිටපත. (අදාළ ඔප්පුවේ හිමිකරු සහ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- එම ඔප්පුවේ අයිතිය ව්‍යාපාර හිමිකරුට නැති නම්, ඉඩමේ අයිතිය ඇති තැනැත්තාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය. (ග්‍රාම නිලධාරී ඉදිරිපිට අත්සන් කළ යුතුය.)
- නොබෙදූ ඉඩමක ඔප්පුවක් නම්, දිවුරුම් ප්‍රකාශය. (ඉඩම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුනහොත් එහි වගකීම එම ඉඩම් ඔප්පුහිමියා ගන්නා බවට.
- ව්‍යාපාරික ස්ථානය සංශෝධනය කිරීමේදී එක් වසමක ව්‍යාපාරයක් වෙනත් වසමකට රැගෙන යාමේදී කලින් පවතින ව්‍යාපාරික ස්ථානයේ ව්‍යාපාරය නොපවතින බවට වූ ඉල්ලීම් ලිපිය (කලින් පැවති වසමේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- ව්‍යාපාරය පැවරීමක දී පැවරීමට හා භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශිත දිව්රුම් ප්‍රකාශ වෙන් වෙන්ව
- නව අයදුම්කරුගේ හැඳුනුම්පතේ ඡායා පිටපත (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- නව අයදුම්කරුගේ දුරකතන අංකය
- නව අයදුම්කරුගේ විද්‍යුත් ලිපිනය
- ව්‍යාපාරික ස්ථානය හා පදිංචි ස්ථානය වසම් දෙකක නම්, පදිංචි සහතිකය.
- ව්‍යපාර කටයුත්තට අදාලව වෘත්තීය සුදුසුකම් සහතික පවතී නම්, එම සහතිකවල සහතික කරන ලද පිටපත්.
- වෙනත් ආයතනයකින් භාණ්ඩ ලබාගෙන විකුණන ආයතනයක් නම් ඊට අදාල ගිවිසුම හෝ බිල්පතක්.
- ව්‍යපාරයට ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට පැමිණීම සඳහා වූ මාර්ගය දැක්වෙන සිතියම.
අයදුම්කරුට උපදෙස‍්
- ව්‍යාපාරය සංශෝධනය කළ දින සිට මාස 01ක් ඇතුළත මෙය ඉදිරිපත් කළ යුතුය.
- ව්‍යාපාර ස්වභාවය සඳහන් කිරීමේ දී ඔබ විසින් සිදු කරන ව්‍යාපාර කටයුත්ත පැහැදිලිව සඳහන් කළ යුතුය.
- අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී කපා හැරීම්, මකා දැමීම් සිදු නොකළ යුතුවේ.
- ව්‍යාපාරය නාමය සම්පූර්ණයෙන් සංශෝධනය නොකෙරේ.
- ව්‍යාපාර ස්වභාවයේ කැපී පෙනෙන සංශෝධනයන් සිදු නොකෙරේ.
ක්‍රියාවලිය
- අයදුම්පත්‍රය සම්පූර්ණ කර අදාල ලියකියවිලි සමඟ ග්‍රාම නිලධාරී වෙත භාරදීම.
- ග්‍රාම නිලධාරී විසින් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සුදුසු නුසුදුසු බව සඳහන් කර, අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීම.
- ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකර, ව්‍යාපාරය ලියාපදිංචියට අදාල නිර්දේශ ලබා දීම සඳහා, අයදුම්පත සංවර්ධන සම්බන්ධීකාරක වෙත ලබාදීම.
- අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිර්දේශ ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත අනුමැතිය සඳහා යොමු කිරීම.
- අදාල මුදල් ගෙවීමෙන් පසු ව්‍යාපාර ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම

















