Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

අපගේ දැක්ම

"දේෂයේ විශිෂ්ධතම රාජ්‍ය සේවා සපයන්නා වීම."

අපගේ මෙහෙවර

"දේශයේ ආර්ථික සංවර්ධනය සඳහා සේවාලාභීන්ට ප්‍රියමනාප වූ සේවා පරිසරයක් තුළ දැනට බලපවත්නා රජයේ නීති හා රෙගුලාසි වලට අනුකූලව අප ලබා දෙන සේවා, සේවාලාභීන්ගේ සේවා අවශ්‍යතාවන් අනුව කාර්යක්ෂම හා ඵලදායීව ලබා දීම තුළින් සේවාලාභියා අමන්දානන්දයට පත් කිරීම."

ගාල්ල දිස්ත්‍රික්කයේ උතුරු මායිමෙහි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇති අතර,මෙය බෙන්කර වලල්ලාවිට කෝරළය නැගෙනහිර හා වැල්ලබඩපත්තුව උතුර යන නම් වලින්ද හදුන්වයි. නැගෙනහිර දේශාංශ 80.7 ත් 80.15 අතරද,උතුරු අක්ශාංස 6.12 ත්6.22 අතරද පිහිටා ඇත.

උතුරින් කඵතර දිස්ත්‍රික්කයෙන්ද ඊසාන හා නැගෙනහිරින් නියාගම ප්‍රාදේශීය කොට්ඨාශයෙන්ද දකුණ හා බටහිරින් වැලිවිටිය දිවිතුර හා කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද,වයඹ දෙසින් බෙන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම්ව පිහිටි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 51 කින් සමන්විතය.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි භූමි ප්‍රමානය හෙක්ටයාර 15190 කි. එනම් බිම් ප්‍රමානය වර්ග කිලෝමීටර 151.9 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ මුඵ බිම් ප්‍රමානයෙන් සියයට 9.1 ක් පුරා පැතිර පවතින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විශාලත්වයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 19 අතුරින් සිව්වන ස්ථානය ගනී.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කෘෂිකර්මය සැලකීමේදී තේ,රබර්,පොල් ප්‍රධාන අපනයන භෝග වගාවටද,කුරුදු ගම්මිරිස් ආදී සුඵ අපනයන භෝග වගාවටද,වී ගොවිතැන හා ගෙවතු වගාවටද ප්‍රධාන තැනක් හිමිවන අතරම ගව පාලනය හා කුකුඵ පාලනය ආදී සත්ව පාලන කටයුතු වලද ජනතාව නිරත වෙති.

බෙරලිය රක්ෂිතය ප්‍රදේශයේ ප්‍රධානතම හා විශාලතම ස්වභාවික වනාන්තරය වන අතර එය ඒක දේශිය ශාක හා සත්ව ප්‍රජාවන්ගෙන් සමන්විත වන අතරම ප්‍රදේශයේ සුන්දරත්වය ඔප් නංවන අඩාහැලෙන දිය ඇල්ලද මෙහි පිහිටා තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම සපුරාලවනුවස් මහජන සේවා සපයා දීමත්,යටිතල පහසුකම් සංවර්ධනය කර දීම හා ගෘහ ආර්ථිකය ස්වයංපෝෂිත කිරීම සදහා වන ඉලක්ක සපුරා ගැනීම සදහා රාජ්‍ය යාන්ත්‍රණය මගින් පනවනු ලබන විධිවිදාන ක්‍රියාත්මක කිරීමආයතනයේ මූලික අරමුණ වේ.

 

නම

තනතුර

කාලය

1

ටී.ඒ.ගුණදාස මහතා

උප දිසාපති 

 

2

ඩී.සෝමජීව මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

3

ඒ.ජී. අමරතුංග මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

4

ඩබ්.ඒ. සිරිසේන මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

5

ජී. ජයනෙත්ති මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

6

ඩබ්.වීරකෝන් මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

7

ආර්.සී. ද සොයිසා මහතා

ප්‍රාදේශීය ලේකම්           

 

8

ජී. අනුෂා බටවලගමගේ මහත්මිය 

ප්‍රාදේශීය ලේකම්           

2008.10.02 සිට 2012.03.02

9

එන්.ඒ.කේ.එල්. විජේනායක මහතා

ප්‍රාදේශීය ලේකම්           

2013.03.02 සිට 2017.01.11

10

එස්.කේ.ඩබ්.සිසිර කුමාර මහතා                       

ප්‍රාදේශීය ලේකම්           

2017.01.12 සිට 2020.01.02

11

සුසීමා කාරියවසම් මිය                                        

ප්‍රාදේශීය ලේකම්           

2020.01.08 සිට 2021.03.01

12 චතුරංග ගුණසේකර මයා ප්‍රාදේශීය ලේකම් 2021.03.04 සිට 2024.02.19
13 පී.ඒ. දුලිනි එස් ගුණසේන මිය ප්‍රා දේශීය ලේකම් 2024.02.19 සිට 

 

දළ විශ්ලේෂණය

රාජ්‍ය සේවා කොමිෂම අක්‍රියවීමත් සමඟ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශය රාජ්‍ය අංශයේ ආයතන කටයුතු වලට අදාල සියළුම ප්‍රතිපත්තිමය පාර්ශවයන් කෙරෙහි වගකීමෙන් බැඳේ.

අමාත්‍ය මණ්ඩල තීරණ හෝ නීති ප්‍රතිපාදන මත පදනම්ව සකසනු ලබන ප්‍රතිපත්ති හා නවීකරණයන් පිළිබඳව සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ප්‍රකාශයට පත් කෙරේ.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

1969 වර්ෂයේදී පමණ ආදායම් පාලක නිලධාරී කාර්යාලයක් ලෙස ඇල්පිටිය පිටිගල පාරේ 11 කණුව මන්සන්ධියේ නිවසකදී මෙම කාර්යාලය ආරම්භ කරන ලදී. ඉන්පසුව පිටුවල පාරේ ගොඩනැගිල්ලක උප දිසාපති කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන ලදී.

ඉන් අනතුරුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය විමධ්‍යගත වීමත් සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරම්භ කෙරුනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්වීමත් සමඟ මෙම කාර්යාලය දැනට පවතින ස්ථානයේ ස්ථාපිත කෙරුණි. දැනට පවතින ස්ථානයේ ස්ථාපිත කෙරුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්ම ප්‍රාදේශීය ලේකම් වූයේ ඒ.පී.අමරතුංග මහතායි.


මෙම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයට මුලින්ම සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙක් සහ ගණකාධිකාරීවරයෙක් පත් කරන ලද්දේ 1991 වර්ෂයේදීය.          

               

ප්‍රවේශ වීම

කොළඹ සිට ගාල්ල- මාතර මාර්ගයේ අලුත්ගම නගරය පසුකර කි.මී.1ක් පමණ ගියපසු හමුවන කහඹිලියා කන්ද හන්දියෙන් වමට හැරී ඇල්පිටිය මාර්ගයේ කි.මී.27ක්  පැමිණි විට හමුවන ඇල්පිටිය ‍රෝහල මංසන්ධියෙන් වමට හැරී මීටර් 50 ක් පමණ ඉදිරියට යනවිට දකුණු පසින් පිහිටා ඇත. (ඇල්පිටිය රජයේ රෝහල ඉදිරිපිට )

 ගාල්ල සිටකොලඹ මාර්ගයේ කි.මී.11 ක් පමණ පැමිණි විට හමුවන කුමාරකන්ද හන්දියෙන් දකුණට හැරී ඇල්පිටිය මාර්ගයේ කි.මී.30ක් පමණ පැමිණ ඇල්පිටිය නගරය පසුකල විට හමුවන ඇල්පිටිය ‍රෝහල මංසන්ධියෙන් වමට හැරීමීටර් 50 ක් පමණ ඉදිරියට යනවිට දකුණු පසින් පිහිටා ඇත. (ඇල්පිටිය රජයේ රෝහල ඉදිරිපිට )

අම්බලන්ගොඩ සිට කොළඹ මාර්ගයේකි.මී.1/2 ක් පමණ පැමිණි විට හමුවන ධර්මාශෝක විද්‍යාලය අසලින් දකුණට හැරීඇල්පිටිය මාර්ගයේ කි.මී.16 ක් පමණ පැමිණ   ඇල්පිටිය නගරය පසුකල විට හමුවන ඇල්පිටිය ‍රෝහල මංසන්ධියෙන් වමට හැරී මීටර් 50 ක් පමණ ඉදිරියට යනවිට දකුණු පසින් පිහිටා ඇත. (ඇල්පිටිය රජයේ රෝහල ඉදිරිපිට )

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top