Visit to get copies of birth, marriage and death certificates online --- උප්පැන්න, විවාහ මරණ සහතිකවල පිටපත් මාර්ගගතව ලබා ගැනීමට පිටිසෙන්න --- https://online.ebmd.rgd.gov.lk ---- Birth, marriage and death certificates all over the country from us within five minutes. - For More Information - 0912284238 -

 

 

දීමනා පත්‍ර/බලපත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා ගැනීම

  • දීමනාපත්‍රකරු/බලපත්‍රකරු සහ කලත්‍රයා මියගිය පසු උරුමක්කරුවකු නම්කර ඇත්නම් පසු උරුමක්කරුට හෝ නැතිනම්  111 වන උප ලේඛනගත ඥාතීත්වය අනුව උරුමකරුට මුල් අයිතිය ලබාගත හැකිය.

ේ සඳහා ඔබ විසින් සැපයියයුතු ලේඛන

                                                    දීමනාපත්‍ර ඉඩමක්නම්

මුල් අයිතිය ඉල්ලීමේ ලිපිය
දීමනාපත්‍රකරු සහ කලත්‍රයාගේ මරණ සහතික (අතිරේක දි්ස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කර නිකුත් කරන ලද පිටපත්)
ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය (ඥාතීත්වය තහවුරු කළ හැකි පරිදි)
ඉඩම් රෙජ්ස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව (මාස 03ක් ඇතුලත ලබාගත් ඒවා විය යුතුය)
මුල් දීමනා පත්‍රය සහ ඡායා පිටපත් 2
නම්වල සහ වාසගම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
මුල් අයිතිය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීම සඳහා රු.25.00 ක මුද්දර තුනක්

 

                                    බලපත්‍ර අවස්ථාවේ ඇති ඉඩමක් නම්

මුල් බලපත්‍රය  සහ ඡායා පිටපත
මුල් අයිතිය ඉල්ලීමේ ලිපිය
බලපත්‍රකරු සහ කලත්‍රයාගේ මරණ සහතික (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කර නිකුත් කරන ලද ඒවා විය යුතුය) 
ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය ( ඥාතීත්වය තහවුරු කළ හැකි පරිදි) 
නම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ 

 

  • ඔබ නමින් පසු  උරුමය නම්කර ඇති ඉඩමක මුල් අයිතිය ලබාදීම සඳහා දීමනාපත්‍රකරු හා කලත්‍රයා මියගොස් මාස 06ක් තුළ ඉඩමේ භුක්තියට පිවිස සිටිය යුතුය.
  • ඔබගේ අයිතිය දීමනා පත්‍රයක් නම් අදාල ලේඛන ලබාදුන් පසු ඉඩමේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට යවනු ලැබේ.
  • ලියාපදිංචි වී අප වෙත පැමිණී පසු ඒ බව ඔබට ලිඛිතව දැනුම් දීමෙන් පසුව  ඉල්ලුම්කරුට ජාතික හැදුනුම්පතද රැගෙන පැමීන මුල් අයිතිය සහතික කිරීමේ ලේඛනය රැගෙන යා හැකිය.
  • බලපත්‍රයක නම් මුල් අයිතිය නම් කිරීම බලපත්‍රයේ සහ ලෙජරයේ සටහන් කිරීමෙන් පසුව මුල් බලපත්‍රය ආපසු ඔබ වෙත භාරදෙනු ලැබේ.

 

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ  ඔප්පුවක අයිතිය ලබා ගැනීම

 ඔප්පුවක හා බලපත්‍රය අතර වෙනස්කම් මොනවාද ?

බලපත්‍රය යනු තාවකාලික ලියවිල්ලකි
එය කොන්දේසි සහිතයි. කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍රය අවලංගු කළ හැකිය.
බලපත්‍රයෙහි මැනුම් පිඹුරක් අමුණා ඇත.
බලපත්‍රය අත්සන් කරනුයේ ප්‍රාදේශීය ලේකම් විසින්ය.
ඔප්පුවට අතිගරු ජනාධිපතිතුමා අත්සන් තබා ඇත.
එම නිසා ඉඩමේ අයිතිය සම්පූර්ණයෙන්ම හිමිවේ. (රක්ෂිත වගන්ති හා කොන්දේසිවලට යටත්ය)
ඔප්පුවේ මැනුම් පිඹුරක් ඇත. එම නිසා ඉඩමේ ප්‍රමාණය නිශ්චිතය.
ඉඩම් නිලධාරි/ජනපද නිලධාරි ද ඉඩම පරික්ෂා කර ඔබ විසින් ඉඩම සංවර්ධනය කර ඇති බවට සහතික කළ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදේ.
ප්‍රාදේශීය ලේකම් මැනුම් දෙපාර්තමේන්තුව ලබා ඉඩම මැන මායිම් ගල්යොදා පිඹුර ලබාගනී.
පිඹුර ලැබුණු පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඔප්පුව පිළියෙල කර, පළාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යවනු ලබයි.
ඉඩම් කොමසාරිස් ජනරාල් ඔප්පුව පරික්ෂා කර නිවැරදි නම් අතිගරු ජනාධිපතිතුමාගේ අත්සන ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් වෙත යවනු ලැබේ.
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිරෑප අත්සන සහ ජනාධීපති ලේකම් අත්සන සහිත ඔප්පුව ලැබුණ පසු එය ප්‍රාදේශීය ලේකම් වෙත එවනු ලැබේ.
ප්‍රාදේශිය ලේකම් විසින් ඔප්පුව සඳහා සේවා ගාස්තු ලෙස රු.100.00 ක ගාස්තුවක් ගෙවන ලෙස ඔබට දන්වනු ලැබේ.
එම මුදල නොපමාව ගෙවීම සඳහා ඔබ ක්‍රියාකළ යුතුය.
ඉන්පසු ප්‍රාදේශීය ලේකම් විසින් ඔප්පුව ලියාපදිංචි කර ඔබ වෙත ලබාදේ.

ඔප්පුවකින් අපට ලැබෙන ප්‍රයෝජන  මොනවාද?

ඔබගේ ඉඩම සංවර්ධනය කිරීමට හෝ  ගේ දොර අලුත්වැඩියා කිරීම සඳහා ණය මුදලක් ලබාගැනීමට අවශ්‍ය වූ විට ඔබගේ නිරවුල් ඔප්පුව බැංකුවකට උකස් කළ හැකිය.
ඔබගේ දරුවෙකුගේ ණය මුදලක් සඳහා ඇපයට තැබිය හැකිය.
උසාවියට ඇපයටකට තැබිය හැකිය.

ඉඩම සංවර්ධන ආඥාපනත යටතේ මෙතෙක් නිකුත් කර ඇති ඔප්පු මොනවාද?

  • ස්වර්ණ භූමි
  • ජය භූමි
  • රත්න භූමි
  • ඉසුරු භූමි
  • රන්බිම

ඔප්පුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

 ඔබට ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබිය යුතුය.
 ඉඩම හොඳින් සංවර්ධනය කර භුක්ති විඳින ඉඩමක් විය යුතුය. (පදිංචියට දුන් ඉඩමක් නම් නිවසක් සාදා පදිංචිව සිටිය යුතුය)

 

ඔප්පුවක් ලබාගත හැක්කේ කෙසේද?

 

ඔබේ ඉඩම මැණුම් කර මායිම් ගල් යෙදූ ඉඩමක් නම්, සහ ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇත්නම්  ලබා දෙනු ලබන පහත ලිපි ලේඛන මෙම කාර්යාලය වෙත භාර දෙන්න.

 
  •  ඉල්ලීම් ලිපිය. (ඉඩම හොඳින් සංවර්ධනය කර භුක්ති විඳින බැවින් දීමනාපත්‍රයක් සකසා දෙන ලෙස ඉල්ලා ලියන ලද)
  • මුල් බලපත්‍රය සහ එහි ඡායා පටපත
  • සම්පුර්ණ කරන ලද මෙම කාර්යාලයෙන් නිකුත් කරනු ලබන ඔබගේ පෞදගලික විස්තර ඇතුලත් කරනු ලබන ආකෘති පත්‍රය.(e-slim ආකෘතිය)
  • ඔබගේ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත හෝ එසේ නොමැති නම් උප්පැන්න සහතිකය.
  • අවසර පත්‍රෙය් සඳහන් නම හා ජාතික හැඳුනුම්පතෙහි සඳහන් ඔබගේ නම අතර යම් වෙනසක් පවතී නම් එය සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශය.
  • මැණුම් කළ ඉඩමක් වුවත් අවසර පත්‍රෙය් පිඹුරට අනුව මායිම් යොදා නොමැති නම් ඉඩම මැණ ඇති බව සනාථ කරමින් ග්‍රාම නිලධාරි විසින් සම්පූර් ණ කරන ලද අදාල ආකෘතියේ වාර්තාව

 

 

ප්‍රාදේශීය ලේකම්,

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

ඇල්පිටිය.

දුරකථන - 0912291238

පළාත් ඉඩම් කොමසාරිස්

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

පළමු මහල, නගර සභා ගොඩනැගිල්ල, ගාල්ල.

දුරකතන - 0912244379

ඉඩම් කොමසාරිස් ජනරාල්

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

ඉඩම් මහ ලේකම් කාර්යාලය,

අංක 1200/6, රජමල් වත්ත පාර,

බත්තරමුල්ල.

දුරකථන  - 0112797400

පුවත් සහ සිදුවීම්

17
ජූනි2026

ප්‍රා දේශීය කෘෂිකර්ම කමිටුව 2026

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව 2026.09.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

06
පෙබ2026

2026 Indipendent Day

Plantation of sandalwood sapling in office premises...

Scroll To Top