විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
- පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
- විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ
| නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
| 1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 7 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| --- | --- | --- | |||
| 8 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 9 | 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම | රජයට | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 10 | ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
උඩරට විවාහ ලියාපදිංචි කිරීම
- උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
- උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
- මධ්‍යම පළාත
- උතුරු මැද පළාත
- ඌව පළාත
- සබරගමු පළාත
- උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
- නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
- වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත.
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
- උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
| නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
| 1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 7 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| - | - | - | - | ||
| 8 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 9 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 10 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරීම.
- විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සඳහා ඒකී විවාහයේ පාර්ශවකරුවන්ට මෙම ඉල්ලිම අධිකරණයට ඉදිරිපත් කල හැක.
- අවශ්‍ය ලියවිලි,
- විවාහ සහතිකය
- අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි
- නීතිඥයකු මගින් පාර්ශවකරුවන් පදිංචි ස්ථානය අයත් දිසා අධිකරණයට ඉල්ලිම ඉදිරිපත් කළ යුතුය.
උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරීම.
- විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවි ඇති වරදක් නිවැරදි කර ගැනිම සදහා පර්ශවකරුවන්ට මෙම ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
- ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
- අවශ්‍ය ලියවිලි,
- විවාහ සහතිකය
- සිදුවි ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිව්රුම් ප්‍රකාශයක්
- කරුණු තහවුරු කිරිමට අවශ්‍ය වෙනත් ලියවිලි
පරිවර්තනය කරපු පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම
- විවාහ සහතිකයේ පිටපත් ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැක.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.